Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සොරකම් කළ ත්‍රී රෝද 13ක් සමඟ සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට  

Add comments

සොරකම් කළ  ත්‍රී රෝද රථ දහතුනක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

රත්නපුර පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් පස් දෙනා අතර අවුරුදු විස්ස විසි හතර හා විසි හත යන වයස් කාණ්ඩවල තරුණයින් තිදෙනෙකු ද වනවා.

ඔවුන් දැඩි සේ මත්කුඩු භාවිතයට යොමු වී ඇති තරුණයින් වන අතර සොරකම් කරන ලද ත්‍රි රෝද රථ අඩු මුදලට අලෙවි කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා.

එසේ අලෙවි කර තිබූ ත්‍රි රෝද රථ 13 ක් ගෝනකුඹුර, තිරුවානාකැටිය, ඇත්ඔය යන ප්‍ර දේශවලදී සොයා ගත් බව පොලිසිය සදහන් කළා.

කාලයක් තිස්සේ මෙම ත්‍රි රෝද රථ සොරකම් සිදුවී ඇති අතර රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post සොරකම් කළ ත්‍රී රෝද 13ක් සමඟ සැකකරුවන් 05දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG