ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා ඒ ප්‍රදේශවල ධීවර කටයුතු නතර කරපු ජනතාවට අහිමි වුණු දෛනික ආදායම වෙනුවෙන් යම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. ධීවර ප්‍රජාවට වගේම ඒ ආශ්‍රිත කර්මාන්තවල නියැලෙන පිරිස් හදුනාගෙන මේ මුදල ලබාදෙන බවයි රජය පවසන්නේ.
පසුගිය 20 වනදා කොළඹ වරායට නාවික සැතපුම් 9යි දශම 5 ක දුරින් නැංගුරම්ලා තිබියදි ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මේ වන විට බොහෝ දුරට නිවා අවසන් කර තිබෙනවා.
මෙම නෞකාවේ ඉන්ධන ටැංකි තුළ ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 325 ක් තිබූ බව සදහන්. ඒවා කාන්දුවීමේ අවධානමක් පවතින නමුත් මේ වන තෙක් එවැනි තෙල් පැල්ලමක් හෝ ඉන්ධන කාන්දුවක් පිළිබදව තොරතුරු වාර්තා වන්නේ නැහැ.
කෙසේ නමුත් නෞකාව දෙකඩ වීමේ අවදානමක් නැති බවයි නාවික හමුදාපතිවරයා සදහන් කළේ.
The post එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මුහුදු යන්න බැරි වුණු ධීවරයින්ට ආණ්ඩුවෙන් මුදලක් appeared first on ITN News.
Post a Comment