චීනයේ නිෂ්පාදනය කෙරෙන සයිනොෆාම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 5 ක් අද සවස් කාලයේ අපේ රටට ලැබෙන්න නියමිතව තිබෙනවා. චීනයේ ප්‍රදානයක් ලෙසයි මෙම එන්නත් තොගය මෙසේ ලබා දෙන්නට කටයුතු යොදා ඇත්තේ.
එසේම තවත් එන්නත් මාත්‍රා මිලියන 15 ක් මිලදී ගන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර මේ දක්වා මෙරටදී පුද්ගලයින් 516259 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව පුද්ගලයින් 2435 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ. ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925242 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 338493 දෙනෙකුට ලබාදීමට පියවර ගැනුණා. මේ අතර ස්පුට්නික් එන්නත ද පුද්ගලයින් 14,984 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.
The post කොරෝනා මර්දන එන්නත් මිලියන 15ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.
Post a Comment