ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් ඇති වුණා.නැවේ තිබූ බහාලුම් 08 ක් මුහුදට වැටී ඇති බවයි සමද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් වූ මුහුදු තීරයේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් කටයුතු කෙරෙමින් පවතිනවා. නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු බේරාගැනීමට නාවික හමුදා කටයුතු කළ අතර එම පිරිසෙන් දෙදෙනෙකු තුවාල ලබා සිටියා. ඉන්දීය ජාතිකයන් වූ ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයකින් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය නැව මතට හෙලීමට ද කටයුතු කෙරුණා.
සිංගප්පූරුවට අයත් ටොන් තිස් හත් දහසක් බරැත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1486 ක් අඩංගු බවයි වාර්තා වන්නේ. නයිට්ට්‍රික් ඇසිඩ් මෙට්ට්‍රික් ටොන් 25 ක් ඇතුලු රසායන ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය එහි ඇතුළත්. පොහොර මෙන්ම පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අන්තරායකර ද්‍රව්‍ය රැසක් එහි තිබූ බවටද වාර්තා වනවා.
The post ගිනි ගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් appeared first on ITN News.
Post a Comment