ප්‍රවීණ රංගන ශිල්පිනී සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වුණා.
1959 වසරේ උපත ලැබූ සුරේනි සෙනරත් මහත්මිය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1975 වසරේදීයි. ඒ අමරණීය ආදරය සිනමා පටයේ රංගනයට දායක වෙමින්. අනතුරුව ඇය ලොකු තාත්තා , මල් වරුසා වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දෙමින් තම හැකියාව ප්‍රදර්ශනය කළා.
ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක වශයෙන් ද ඇය සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළා. රංගනයේ විශිෂ්ට දස්කම් පෑ සුරේනි සෙනරත් මහත්මිය සම්මාන රැසකින් ද පිදුම් ලැබූ දක්‍ෂ රංගන ශිල්පිනියක්. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වන විට 61 වන වියේ පසුවුණා. දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
The post ප්‍රවීණ රංගන ශිල්පිනී සුරේනි සෙනරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment