සතියක කාලයක් තුළ ඉන්දියාවට බලපෑම් එල්ල කළ දෙවන සුළි කුණාටුව බවට පත්වෙමින් යාස් එරටට කඩා වැදුණා.
යාස් සුළි කුණාටුව අද උදෑසන ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑම් එල්ල කළා. ඒ හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් හා නායයාම් ද හටගෙන තිබෙනවා. ඔඩීසා ප්‍රාන්තයට හා බටහිර බෙංගාලයට සුළි කුණාටුව වැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. මීට දින කිහිපයකට පෙර ටවුටේ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ පුද්ගලයන් 90 දෙනෙකුට දිවි අහිමිවුණා. සුළි කුණාටුව පැයට කිලෝමීටර 150 ත් 180 ත් අතර වේගයකින් හමායනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ. මුහුදු මට්ටම මීටර 3 ක පමණ ඉහළ යාමක් අපේක්‍ෂා කෙරෙනවා. මිලියනයට ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ඉන්දීය බලධාරීන් පියවරගෙන ඇත්තේ.
The post යාස් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑම් appeared first on ITN News.
Post a Comment