කෝවිඩ් නයින්ටීන් පැතිරීම පාලනය වෙනුවෙන් පනවා ඇති සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ගත වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 587 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් ඔක්තෝමබ්ර් 30 දින සිට මේ දක්වා පුද්ගලයින් 14,766 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාර්ග බාධක යොදා බොහෝ ස්ථානවල පරික්‍ෂා කිරීම් සිදු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. අත්‍යවශ්‍ය සේවා සදහා බැහැරට පැමිණෙන පුද්ගලයන් හැර සෙසු පුද්ගලයන්ට දැඩි ලෙස අවවාද කිරීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කෙරෙනවා. ඊයේ දිනයේ සිදු කළ මෙහෙයුම්වලට අනුව නිරෝධායන නීති කඩ කළ වැඩිම පිරිසක් වාර්තා වී තිබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. මේ අතර නිරෝධායන නීති අද දිනයේද දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
සෑම දිස්ත්‍රික්කයකම විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙහෙයුම් සිදු කෙරෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂ පොලිස් යතුරු පැදි ඒකකය ජංගම මුර සංචාර ආරම්භ කර තිබෙනවා. දිස්ත්‍රික්කය පුරා ගමන් කරමින් සංචරණ සීමා කඩ කරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටයි මෙම විශේෂ ඒකකය කටයුතු කළේ.
The post ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ 587 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment