කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා ක්ලැරා නගරයේ මෙම වෙඩි තැබීම සිදු වූ බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කළේ. සැන්ටා ක්ලැරා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ද වෙඩි තැබීම සිදු වූ බවයි පැවසෙන්නේ. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද ඉන් අනතුරුව සිය දිවි නසාගෙන තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන්ට අසල ගොඩනැගිල්ලක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
The post කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදු වූ වෙඩි තැබීමකින් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment