Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙල්බන් නුවර  4 වන වතාවටත් වසා දැමීමට බලධාරීන් තීරණය කරයි  

Add comments

ශිඝ්‍ර කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර  4 වන වතාවටත් වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත අතර නැවතත් සංචාරක තහනම පැනවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිටි දින 07 ක කාලයක් මෙල්බන් නුවර වසා දැමීමටයි සැළසුම් කර තිබෙන්නේ.මෙල්බන් නුවරින් නව කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් සොයාගෙන ඇති අතර පුද්ගලයින් වයිරසයට නිරාවරණය වූ ස්ථාන 26 ක් ද හදුනාගෙන ඇති බවයි  බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

වේගයෙන් පැතිර යන බී පොයින්ට් වන් පොයින්ට් සික්ස් වන් සෙවන් නව වයිරස් ප්‍රභේදය ආසාදනය වූ විදේශියෙක් මාර්ගයෙන් මෙල්බන් නුවර වෙත  මෙම වයිරසය පැතිර යාම ආරම්භ වී ඇති බවයි ප්‍රාන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය ජේම්ස් මර්ලිනෝ පවසන්නේ. තත්ත්වය සැළකිල්ලට ගනිමින් යළිත් නිරෝධායන නීති දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර පාසල් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ස්ථාන සියල්ල අද සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

The post මෙල්බන් නුවර  4 වන වතාවටත් වසා දැමීමට බලධාරීන් තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG