Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පොකුරට ඊයේත් 2850ක් එක්වෙද්දී මරණ ලැයිස්තුවට 39 ක් එක්වෙයි  

Add comments

ඊයේ හදුනාගත් ආසාදිතයින් 2850 දෙනා අතරින් වැඩිම පිරිස වාර්තා වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 512ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 443 ක් හා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 281 ක් හදුනා ගැනුණා. මහනුවරින් ආසාදිතයින් 270 දෙනෙකු හා කුරුණෑගලින් ආසාදිතයින් 177 ක් වාර්තා වෙද්දී නුවරඑළියෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 191 ක්. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 150 දෙනෙකු හමුවුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177,711ක්. ඒ අතරින් 31349 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 39 ක් වාර්තා වූ අතර ඒ සමගින් මෙරට සිදුවූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1363 දක්වා ඉහළ ගියා.

මඩකලපුව ආරයම්පති ප්‍රදේශයේ ඇගලුම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු හදුනාගැනීමත් සමග එය වසා දැමීමට පියවර ගැනුණා. ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට සහ පීසීආර් පරික්ෂණවලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මඩකලපුව ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන් මයුරන් මහතා සදහන් කළා.

භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍ර දේශයේ සිදුකළ පීසීආර් පරික්ෂණවලදී නව ආසාදිතයින් 45 දෙනෙකු හදුනා ගැනුණා. ඔවුන් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු වව්නියාව පොලිස් ස්ථානය විෂබීජහරණයට ලක්කිරීමට කටයුතු කෙරුණා. ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කර ඇති අතර ආසාදිත නිලධාරීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ.

The post කොරෝනා පොකුරට ඊයේත් 2850ක් එක්වෙද්දී මරණ ලැයිස්තුවට 39 ක් එක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG