Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළට  

Add comments

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළ යාමක් දක්නට ලැබෙන බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ගත වූ පැය 24 ට එරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 174,041ක්.

ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් කොරෝනා මරණ 3,614ක් වාර්තා වීමත් සමඟම එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ විසි පන් දහස ඉක්මවා ගියා. වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයේ පසුවන ඇමරිකාව , ඉන්දියාව හා බ්‍රසීලයෙන් පිළිවෙළින් තුන් කෝටි හතලිස් ලක්ෂය , දෙකෝටි හැත්තැ අට ලක්ෂය හා එක් කෝටි හැට හතර ලක්ෂය ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනය කරන්නේ. මේ වනවිට ලොව පුරා රටවල් 220 කින් හමුවූ කොරෝනා ආසාදිතයින්  සංඛ්‍යාව කෝටි දාහත ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස් පන් ලක්ෂ පනස් දහසකට ආසන්නයි.

 

The post ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG