Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙරළ කලාපවල ජීවත් වන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පණිවුඩයක්  

Add comments

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ද්‍රව්‍ය සහ භාණ්ඩ වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ හේතුවෙන් වෙරළ කලාපවල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කළා. වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබෙන හෝ වෙරළ වෙත පැමිණ තිබෙන නාදුනන ද්‍රව්‍ය කොටස් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ඒ මහතා ජනතාවට දැනුම් දෙන අතර එවැනි ද්‍රව්‍ය වෙරළාශ්‍රිත කලාපවල දුටුවහොත් වහාම ළඟම පොලිස්ථානය හෝ ආපදා කළමනාකරණ ඒකකයේ 117 ක්‍ෂණික දුරකථන අංකය අමතන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් දැනුම් දෙන්නේ. කුඩා දරුවන් එවැනි දෑ ස්පර්ශ කිරීමෙන් වළක්වා ගැනීමට ඔවුන් දැනුවත් කරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

 

 

The post වෙරළ කලාපවල ජීවත් වන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පණිවුඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG