Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර ගත වන පුද්ගලයින්ට ඇප ලබාදීම පිළිබඳ නව මාර්ගෝපදේශ  

Add comments

බන්ධනාගාර ගත වන පුද්ගලයින්ට ඇප ලබාදීම පිළිබඳව නව මාර්ගෝපදේශ හඳුන්වාදීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

අධිකරණයෙන් දඩුවම් නියම කර බන්ධනාගාරවලට පැමිණෙන සැකකරුවන්ගෙන් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානමක් පවතිනවා. එම අවදානමෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන් බේරාගැනීමේ අරමුණින් බන්ධනාගාර ගත වන්නන් සඳහා ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන්  වඩාත් ප්‍රායෝගික හා සාධනීය පියවරක් බව බන්ධනාගාර කලමනාකරණ හා සිරකරුවන් පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. නීතිපතිවරයා විසින් නිකුත් කළ මෙම මාර්ගෝපදේශ ඇතුළත් ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අමාත්‍ය අලි සබ්රි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව නව වැඩපිලිවෙල ක්‍රියාවට නැංවුණා. කෙසේ වුවද  මෙම මාර්ගෝපදේශ පවත්නා කොරෝනා වසංගතය හමුවේ රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයක් වන අතර පසුකාලීනව සුදුසු අවස්ථාන්හිදී එය නැවත සමාලෝචනය කිරීමට බාධාවක් නොවන බවද නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

 

 

The post බන්ධනාගාර ගත වන පුද්ගලයින්ට ඇප ලබාදීම පිළිබඳ නව මාර්ගෝපදේශ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG