Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපා සංගමය බෙලරුස් රාජ්‍යයට ගුවන් සම්බාධක පනවයි  

Add comments

යුරෝපා සංගමය බෙලරුස් රාජ්‍යයට ගුවන් සම්බාධක පනවා තිබෙනවා.

26 හැවිරිදි මාධ්‍යවේදී රෝමන් ප්‍රොටසෙවිච් පැහැර ගැනීමේ සිද්ධිය හේතුවෙන් මෙලෙස සම්බාධක පැනවීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ. සෝවියට් සංගමයෙන් වෙන් වූ බෙලරුස් රාජ්‍යය විවේචනය කළ මාධ්‍යවේදියෙකු මෙලෙස පැහැර ගැනුණා. ඒ ඔහු රැගත් රයන් එයාර් ගුවන් සේවයට අයත් යානයකින් ග්‍රීසියේ සිට ලිතුවේනියාව බලා පියාසර කරන අතරතුරයි. බෙලරුස් ගුවන් සීමාවේදී ගමන් කරන විට යානයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට හගවා එය ගොඩ බස්සවා තිබෙනවා. අනතුරුව මාධ්‍යවේදියා පැහැර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල් බෙලරුස් ගුවන් සීමාව භාවිත නොකරන අතර බෙලරුස් රාජ්‍යයට ද යුරෝපා සංගමයේ රටවල ගුවන්තොටුපොළ භාවිත කිරීමට හැකියාවක් නැහැ.

 

 

 

The post යුරෝපා සංගමය බෙලරුස් රාජ්‍යයට ගුවන් සම්බාධක පනවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG