ඇමෙරිකාව සංචාරක තහනම පනවා තිබුණ ද එළඹෙන ඔලිම්පික් උළෙල සාර්ථකව පවත්වන බව ජපානය පවසනවා.
එළඹෙන ටෝකියෝ ඔලිම්පක් උළෙල සමයේ ජපානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකාව එරට වැසියන්ට තහනමක් පනවා තිබෙනවා. ඒ පිළිබඳ අදහස් පළ කරමින් ජපාන පාලක පක්ෂය සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උලෙළට ඉන් බාධා සිදු නොවන බවයි. එහිදී එම පක්ෂයේ පාලක ජෙනරාල් ටොෂිහිරෝ නිකායි පෙන්වා දෙන්නේ සංචරණ තහනම් පැනවුවද ඔලිම්පික් උලෙලට ඇමෙරිකාවේ සහාය හිමිවන බවයි. පසුගිය සදුදා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සංචාරය නොකළ යුතු රටක් ලෙස ජපානය නම් කර තිබුණා.
The post ඔලිම්පික් උළෙල සාර්ථකව පවත්වන බව ජපානය කියයි appeared first on ITN News.
Post a Comment