කොරෝනාවෙන් බැට කන ඉන්දියාවට නැවත වරක් ප්‍රබල චණ්ඩමාරුතයකින් බලපෑම් එල්ල වී තිබෙනවා.
බෙංගල බොක්ක ආශ්‍රිතව වර්ධනය වී ඇති යාස් සුළි කුණාටුව හෙට දිනයේදී බටහිර බෙංගාලයේ ඔඩීෂා වෙරළ තීරයෙන් රට තුළට ඇතුලුවනු ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විටත් දහස් සංඛ්‍යාත පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා. යාස් සුළි කුණාටුව ඉතා දරුණු ගණයේ චණ්ඩ මාරුතයක් බවට පත්වනු ඇති බවට අනාවැකි පළව තිබෙනවා. එහි වේගය පැයට කිලෝමීටර 177 ක්. මීට දින 10 කට පෙර ඉන්දියාව හරහා හමා ගිය ටවුටේ චණ්ඩමාරුතය ද දැඩි බලපෑම් එල්ල කළා. එම චණ්ඩමාරුතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 150 ක්.
The post කොරෝනාවෙන් බැට කන ඉන්දියාවට ප්‍රබල චණ්ඩමාරුතයකින් බලපෑම් appeared first on ITN News.
Post a Comment