චීන රජය ප්‍රදානය කරපු තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ඊයේ රාත්‍රියේ අපේ රටට රැගෙන ඒම සිදුවුණා. එම එන්නත් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දීමට චීනය කටයුතු කළා.
විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොල වෙත රැගෙන ආ මෙම සයිනොෆාම් එන්නත් තොගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන්ග් මහතා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නිල වශයෙන් භාර දීම සිදුකළා.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග , රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
චීනයේ නිශ්පාදනය කෙරෙන සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ශ්‍රි ලංකාව තුළ නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිනොවැක් කොවිඩ් මර්දන එන්නත මෙරටදී නිශ්පාදනය කිරිම සදහා කුණ්ඩසාලේ පිහිටි කර්මාන්ත ශාලාවක් සූදානම් කරමින් පවතින බවයි. එමෙන්ම සිනොවැක් එන්නතේ නිශ්පාදන කටයුතු ශ්‍රී ලංකා සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් ලෙස ඉදිරි මාස දෙකක තුලදී සිදු කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
The post සිනොවැක් ලංකාවේම හදන්න සූදානමක් appeared first on ITN News.
Post a Comment