Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න පාලනයෙන් ගිලිහෙන ලකුණු  

Add comments

ගිනි ගනිමින් තියෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න නිවා දැමීම අපහසුවී ඇති බව වාර්තා වනවා.

කොළඹ වරායට නුදුරින් වූ මුහුදු තීරයේදි පිපිරීමකට ලක්ව ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තවදුරටත් ගිනි ගනිමින් පවතින බවයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසන්නේ. පසුගිය 20 වනදා හටගත් මෙම ගින්න නිවා දැමීමට නාවික හමුදාව හා ගුවන් හමුදාව කටයුතු කරමින් සිටින අතර ඊට සහාය දැක්වීමට ඉන්දීය යාත්‍රා 4 ක් ද අද එක් විමට නියමිතයි. නෞකාවේ ඊයේ ඇති වූ පිපිරීමත් සමඟ බහලුම් 8 ක් මුහුදට වැටී තිබෙනවා.

මේ අතර නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 යානාවක් මගින් අද දිනයේ ද නෞකාවේ ගින්න මතට ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 425 ක් හෙළීම සිදු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා.

 

 

The post එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්න පාලනයෙන් ගිලිහෙන ලකුණු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG