යාස් චණ්ඩ මාරුතය ඉන්දියාවේ ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට බරපතල හානි සිදු කර තිබෙනවා.
ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේ සුළි සුළඟින් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවයි. සුළගේ වේගය පැයට කිලෝමීටර් 155 ක ඉක්මවා ගිය බවයි සඳහන් වන්නේ. සුළි සුළඟත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් විපතට පත් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගත් අතර සුළි සුළඟට පෙර සිටම විසි ලක්ෂයකට අධික පිරිසක් තාවකාලික නිවහන් වෙත යැවීමට පියවර ගෙන තිබුණා. සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව සියයකට ආසන්න බවයි සඳහන් වන්නේ.
The post යාස් සුළි කුණාටුව හේතුවෙන් ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවලට බරපතල හානි appeared first on ITN News.
Post a Comment