Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල – පලස්තීන ප්‍රහාර ඉහළ යද්දි ගාසා තීරයට දැඩි හානි  

Add comments

පලස්තීන ගාසා තීරයේ තුන්වන කුළුණු ගොඩනැගිල්ල ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මුළුමනින්ම විනාශයට පත්වී තිබෙනවා. එමෙන්ම ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දැඩි වීමත් සමග හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත එල්ල කරන රොකට් ප්‍රහාරද උත්සන්න වුණා. ගාසා තීරයේ ඉලක්ක රැසකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වූ අතර එහිදි හමාස් සංවිධානයේ ගාසා නගරයේ අණදෙන නිලධාරියා වූ බා සෙන් ඉසා ද ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 67 දෙනෙකු මියගොස් ඇති අතර ළමයි 30 දෙනෙකු ද ඒ අතර වනවා. 300 කට අධික පලස්තීනුවන් එහිදි තුවාල ලැබුවා.

පලස්තීන රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල පාර්ශවයේ 6 දෙනෙකු ද මිය ගොස් ඇති අතර කුඩා දරුවෙකු ද ඒ අතර වනවා.  හමාස් රොකට් ප්‍රහාර 1500 කට වැඩි සංඛ්‍යාවක් ඊශ්‍රායලය දෙසට එල්ල වූ බව ඊශ්‍රායලය පවසනවා.

මේ අතර ඊශ්‍රායල – පලස්තීන ගැටුම් සමථයකට පත් කිරිමේ අරමුණින් අමෙරිකාවේ විශේෂ නියෝජිතයෙකු මැද පෙරදිග වෙත යැවීමට උපදෙස් දුන් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් පවසනවා.

 

The post ඊශ්‍රායල – පලස්තීන ප්‍රහාර ඉහළ යද්දි ගාසා තීරයට දැඩි හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG