කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළියවල සාර්ථකව ක්‍රියාත්මක කරන්න රජය සියලු පියවර අරගෙන තියෙනවා. ඊයේ දවසෙදි පුද්ගලයින් අනූ දෙදහස් නවසිය විසි හත්දෙනෙකුට එන්නත් ලබා දෙන්න කටයුතු කළා කියලයි සෞඛ්‍ය අංශ සදහන් කලේ.
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් පැලවත්ත මයුරපාද මහා පිරිවෙන් විහාරස්ථානයේදී දහසකට අධික පිරිසකට එන්නත් ලබා දීම ආරම්භ කෙරුණා. ඒ යුධ හමුදා නිලධාරීන්ගේ සහය ඇතිවයි.
හංවැල්ල නගරය හා අවට ග්‍රාම නිලධාරී වසම් 5 ක පුද්ගලයින් 2000 කට එන්නත් ලබා දීම හංවැල්ල මයාදුන්න විදුහලේදී ආරම්භ වුණා.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ශ්‍රී දේවානන්ද පාර විදුලි බල මණ්ඩල අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී පුද්ගලයින් 2500 දෙනෙකුට එන්නත් ලබා දීම ආරම්භ කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා සදහන් කළා.
පාදුක්ක , පිටුමපේ උතුර සහ දකුණ ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීම අද දවස පුරා සිදුවන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහන්ගම මහතා සදහන් කළා.
මේ අතර කලාකරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදුකෙරුණා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මගපෙන්වීමෙන් කලාකරුවන් වෙත මෙම අවස්ථාව ලබාදීමටයි කටයුතු කෙරුණේ.
The post එන්නත්කරණ වැඩසටහන අදත් සාර්ථකව appeared first on ITN News.
Post a Comment