රුපියල් කෝටි හතරකට ආසන්න කේරල ගංජා තොගයක් සමඟ තුන්දෙනෙකු යාපනය සහ මන්නාරමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උතුරු නාවික විධානයේ නිලධාරීන් පිරිසක් යාපනය මාදගල් මුහුදු වෙරළ තීරයේ දී සෝදිසි මෙහෙයුමක් සිදුකළා. එහිදි ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ උර දෙකක රුපියල් මිලියන 30ක් පමණ වටිනා කේරළ ගංජා හමුවුණා. කිලෝ ග්‍රෑම් 101 යි ග්‍රෑම් 700 කින් සමන්විත මෙම කේරල ගංජා තොගය සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. උතුරු නාවික විධානය සිදුකළ තවත් සෝදිසියකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ රුපියල් මිලියන අටක් වටිනා කේරල ගංජා තොගයක් සොයා ගත්තා. ඒ සැකකරුවන් දෙදෙනෙකු ද සමඟයි. මෙම ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ සඳහා ඉලවාලෙයි සහ තලෙයිමන්නාරම පොලිසි වෙත භාරදී තිබෙනවා.
The post කේරල ගංජා තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment