කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා උපකරණ තොගයක් ඔස්ට්‍රේලියාව මගින් ප්‍රදානය කරනු ලැබුවා. කොවිඩ් වයිරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව දක්වන දායකත්වය අගය කරමින් ඔස්ට්‍රේලියා රජය ප්‍රදානයන් රැසක් සිදු කළා.
ඒ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාවේදියි. බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේ දී මෙම හමුව සිදුවුණා. පෞද්ගලික ආරක්ෂක ඇදුම් 16500 ක්, මුඛ ආවරණ 25000 ක් අත් වැසුම් කට්ටල ලක්ෂයක්, ඇස් ආවරණ 175 ක්,ඇතුලු භාණ්ඩ මෙසේ ප්‍රදානය කෙරුණා. දෙරට අතර ද්විපාර්ශවීය සබදතා පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
The post කොරෝනා පැතිරීම වැලැක්වීමට ඔස්ට්‍රේලියාවෙන් උපකරණ තොගයක් appeared first on ITN News.
Post a Comment