නීති විරෝධි ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ තවත් වියළි කහ සහ ලූනු බීජ තොගයක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැණුනා.
නාවික හමුදාව හලාවත වට්ටක්කල්ලිය කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම වියලි කහ සහ ලොකු ලූනූ බීජ සිය භාරයට ගත්තේ. වියලි කහ කිලෝ ග්‍රෑම් 362 යි ග්‍රෑම් 950 ක් සහ ලොකු ලූනූ බීජ කිලෝ ග්‍රෑම් 571 යි ග්‍රෑම් 400 ක් සමග සැකකරුවන් හය දෙනෙකු මෙහිදී නීතියේ රැහැනට කොටු කර ගැණුනා.
කලපුව ඔස්සේ පැමිණි සැකකටයුතු ඩිංගි බෝට්ටු දෙකක් මගින් ගොඩබාමින් තිබියදී මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. කහ සහ ලූනූ බීජ රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ කුඩා ලොරි රථයක් ද අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන් සහ මෙම ද්‍රව්‍ය හලාවත පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.
The post වියළි කහ සහ ලූනු බීජ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment