Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලුණු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙලෙඳුන් සොයා වැටලීම්  

Add comments

ලුණු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙලෙදුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා. ලුණු සගවා ඇති වෙළෙදසැල් ද පරික්ෂාවට ලක් කෙරෙනවා.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන බවට ජනතාවගෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා. වැඩි මිලට ලුණු අලෙවි කිරීම මෙන්ම ලුණු තොග සගවා ඇති බවට ද තොරතුරු හෙළිවුණා. ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ මාතර කාර්යාලයේ නිලධාරීන් අකුරැස්ස සහ පිටබැද්දර යන නගරවල අද මෙහෙයුමක් සිදුකළා. ජංගම රථවලින් භාණ්ඩ අලෙවි කිරීමේ දී මිල ප්‍රදර්ශනය නොකළ වෙලෙදුන්ට ද අවවාද කිරීමටයි කටයුතු කෙරුණේ. මෙවැනි වැටලීම් දිවයින පුරා සිදු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

 

 

 

The post ලුණු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩිමිලට අලෙවි කරන වෙලෙඳුන් සොයා වැටලීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG