නිරෝධායන නීති කඩා තරු පහේ හෝටලයක උපන්දින සාදයක් සංවිධාන කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියදුරුට රුපියල් 12500 ක දඩයක් අද නියම කෙරුණා. ඒ උසාවිය ඉදිරිපිට පදික මාරුව මතදී වාහනය නැවත හැරවීමේ වරද පිලිගැනීමෙන් අනතුරුවයි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 දෙනෙකු ඇප මත මුදා හරුණා.
කොළඹ තරු පහේ හෝටලයක පැවති සාදයකට අදාළව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීනී පියුමි හංසමාලි කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට චන්දිමාල් ජයසිංහගේ රියදුරා අත්අඩංගුවට ගැනුණා.
රියදුරු වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 12500 ක දඩ මුදලක් නියම කෙරුණා. මේ අතර මෙම උපන්දින සාදයට සහභාගී වූ තවත් හත් දෙනෙකු අද අත්අඩංගුවට ගැනුණා. ඊයේ සහ අද දින අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 13ක්. ඔවුන් සියලු දෙනා කොටුව පොලිසිය මගින් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු මෙම සැකකරුවන් බන්ධනාගාරය මාර්ගයෙන් නිරෝධායනය සදහා යොමු කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමූ අධිකරණය එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ. පැමිණිල්ල අගෝස්තු මස 27 වනදා යළි කැදවීමට නියමිතයි.
The post චන්දිමාල් සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ 13 දෙනෙකු ඇප මත මුදා හැරේ appeared first on ITN News.
Post a Comment