ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ පිටුපස කොටසේ ජල කාන්දුවක් ඇත්දැයි අවශ්‍යවුවහොත් සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් 09ක් යෙදීවීමට සූදානම් ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.
නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිටුපස කොටස ගිලා බැසඇති ප්‍රමාණය වැඩි බවට නිරීක්ෂණය වී ඇති බවයි.
නෞකාවේ පිටුපස එන්ජින් කාමරවලට ජලය පිරීම හේතුවෙන් මෙම ගිලා බැසීම සිදුව ඇති බවට විශ්වාස කරන බව ඔහු කියා සිටියා.
ඒ පිළිබඳව ගලවා ගැනීමේ සමාගමට, නාවික වෙළද නෞකා ලේකම් කාර්යාලයට සහ කොළඹ වරායට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් ගලවා ගැනීමේ සමාගම මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බවත් නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
The post නෞකාවේ පිටුපස ගිලාබැසීම ජල කාන්දුවක් දැයි සෙවීමට නාවික හමුදා කිමිඳුම්කරුවන් සූදානම් appeared first on ITN News.
Post a Comment