Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි කුණාටුවක් හේතුවෙන් චීනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලට දරුණු බලපෑම්  

Add comments

චීනයට බලපෑ සුළි කුණාටුවක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

චීනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ සුළි කුණාටුවේ දරුණු බලපෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශ බොහොමයක ගංවතුර තත්ත්වයක් ද ඇති ව තිබෙනවා. මංමාවත් ජලයෙන් පිරී යාමත්, විශාල ගස් ඒ මතට කඩා වැටීමත් සමඟ ගමනාගමනයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස ඇතුලු ගොඩනැගිලි රැසකට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ඉදිරි පැය කිහිපය තුළදී කාලගුණික තත්ත්වය තවදුරටත් දරුණු වනු ඇති බවයි එරට කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ.

 

The post සුළි කුණාටුවක් හේතුවෙන් චීනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වලට දරුණු බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG