Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින 11කට පසු මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි  

Add comments

දින 11 කට පසු මෙරට දිනක කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 3000 ඉක්මවා ගියා.

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 3306 ක්.  මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියේ මීට පෙර පසුගිය 22 වනදායි. ඊයේ දිනයේද ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 1004 ක්. කොළඹින් ඊයේ වාර්තා වූ සංඛ්‍යාව 501 ක්. පිට පළාත්වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම ඊයේ කැපී පෙනුණා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ 251 දෙනෙකු වාර්තා වුණා. මාතර දිස්ත්‍රික්කයෙන් 167 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයෙන් 152 දෙනෙකු ද ඊයේ හඳුනාගත් පිරිසට අයත් වනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 122 කු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගත්තා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ හඳුනාගෙන ඇත්තේ රෝගීන් 110 දෙනෙකු පමණයි. මෙතෙක් මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 192,547 ක්. ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 30267 ක් වනවා. ඉන් 160714 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ මරණ 39 ත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1566 දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොරෝනා මරණවලින් 19 දෙනෙකු කාන්තාවන්. ඉතිරි 20 දෙනා පිරිමි පුද්ගලයින් වනවා.

 

The post දින 11කට පසු මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG