කොරෝනා තත්ත්වය හමුවේ අසීරුතාවට පත් අඩු ආදායම්ලාභීන් ඇතුලු සමාජයේ විවිධ කණ්ඩායම් වෙත රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම මේ වන විට දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොම්පකැලේ උතුර ග්‍රාම නිලධාරී වසමේ 247 දෙනෙකුට රුපියල් 5000 දීමනාව පිරිනැමෙනවා. ගෙයින් ගෙට ගොස් මෙම රුපියල් 5000 දීමනාව ලබා දීමට නිලධාරීන් කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් ප්‍රතිලභීන් ප්‍රසාදය පල කළා.
මේ අතර රත්නපුර දේවාලයගාව ග්‍රාම සේවා වසමේ අඩු අදායාම්ලාභීන්ට ද රුපියල් 5000 දීමනාව පිරිනැමුණා. ගංවතුරෙන්ද පීඩාවට පත්වූ තමන්ට රුපියල් 5000 දීමනාව ලබා දීම ගැන රජයට ප්‍රසාදය පළ කරන බවයි ප්‍රතිලභීන් කියා සිටියේ.
මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දීම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකදීම සිදුකෙරෙනවා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක 69,000 කට ආසන්න පිරිසකට මෙම මුදල් පිරිනැමෙන බවයි මාතර දිසා ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ප්‍රකාශ කළේ.
The post 5000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථකව appeared first on ITN News.
Post a Comment