මෙම මාසයට අදාළ මහජන ආධාර ගෙවීම්, ඖෂධ බෙදා හැරීම් ඇතුලු සීමිත රාජකාරි සදහා දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල අද විවෘත කෙරුණා. ඒ සමග සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සදහා බොහෝ තැපැල් කාර්යාලවලට ජනතාව පැමිණ සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
මහජන ආධාර ආදී ගෙවීම් ලබා ගැනීමට පැමිණෙන අය අදාළ ගෙවීම් කාඩ්පත හෝ වැඩිහිටි හැදුනුම්පත ආරක්‍ෂක අංශ වෙත ඉදිරිපත් කර අදාළ තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණිය හැකියි. නිවෙස්වල සිටින රෝගීන් සදහා රජයේ රෝහල්වල සායනවලින් නිකුත් කෙරෙන ඖෂධ බෙදා හැරීම ද තැපැල් දෙපාර්තමේන්තුව මගින් අද සිදු කෙරෙනවා. 1950 කෙටි දුරකථන අංකය අමතා මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.
The post තැපැල් කාර්යාල අද සිට විවෘතයි appeared first on ITN News.
Post a Comment