ඩෙල්ටා නව කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකින්ම හමුවූ බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.
සිඩ්නි නගරයෙන් පමණක් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් 110 දෙනෙකු පමණ හමුවී ඇති බවයි වාර්තා වන්නේ. කුවින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මෙන්ම තවත් ප්‍රාන්ත කිහිපයකින්ම නව වයිරස ප්‍රභේදය ආසාදනයවූවන් හමුවී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම එකවර කොරෝනා වයිරස ආසාදිතයින් හමුවූයේ මාස කිහිපයකට පසුවයි. වයිරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ සිඩ්නි නගරය සති දෙකක කාලයකට වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.
The post ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකින් ඩෙල්ටා නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment