උතුරේ ඇගලුම් සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීම මේ දිනවල සිදු කෙරෙනවා.
ඒ සදහා යුද හමුදා සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් එක්ව සිටිනවා. වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව් යන ප්‍ර දේශවල ඇගලුම් සේවක සේවිකාවන් හය දහසකට වැඩි පිරිසකට එන්නත් කිරීම ආරම්භ කර ඇති බවයි යුද හමුදාව පවසන්නේ.
එම සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළකලා.
මේ අතර කළුතර බෝම්බුවල ග්‍රාමනිලධාරී වසම් 3ක වයස අවුරුදු 60ට වැඩි පිරිසට සයිනොෆාම් එන්නත් ලබාදීම බෝඹුවල ශ්‍රී සුබෝධාරාමයේදී සිදු කෙරුණා. යුද හමුදාවේ දායකත්වයෙන් එන්නත ලබාදීමේ මෙම අවස්ථාවට වැඩිහිටියන් ඉතා උනන්දුවෙන් එක්වී එන්නත ලබාගන්නා ආකාරය දැක ගත හැකිවුණා.
වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා එන්නත ලබාදීම පැලවත්ත මයුරපාද පිරිවෙනේදී අදත් සිදු කෙරෙනවා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 1800කට පමණ අද දිනයේදී එන්නත ලබාදීමට නියමිතයි.
The post උතුරේ ඇගලුම් සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment