Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙනගම රිය අනතුරකින් සෞඛ්‍ය සේවකයින් 4 දෙනෙකු තුවාල ලබයි  

Add comments

හක්මන වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දෙනගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් සෞඛ්‍ය සේවකයින් 4 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ගමන් ගත් ගිලත් රථයක් තාප්පයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ.

මොවුන් රෝහල් ගත කරන අවස්ථාවේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ එක් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවයි. රියදුරුට නින්දයාම අනතුරට හේතුවී තිබෙනවා.

අද අලුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් රැගෙන ගොස් වලස්මුල්ල රෝහල වෙත ආපසු පැමිණෙමින් සිටියදීයි.

ගිලන් රථය මාර්ගයෙන් ඉවතට පැන යකඩ වැටක් ද කඩාගෙන තාප්පයක ගැටී තිබෙනවා.

The post දෙනගම රිය අනතුරකින් සෞඛ්‍ය සේවකයින් 4 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG