ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට යම් වාහනයක් ඇතුළු කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කරනවා. ඊයේ දිනයේ මෙම මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ වාහන දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගියා. ඒ සම්බන්ධයෙන් ද අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන බවයි පොලීසිය පවසන්නේ.
මධ්‍යම අධිවේගී මාර්ගයට ඊයේ රාත්‍රියේ අනවසරයෙන් ඇතුළු වූ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගියා. මෝටර් රථය ගිනිගෙන විනාශ වුණා. වදාකඩ ගනිනේරිය ප්‍ර දේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගිය තරුණයින් දෙදෙනා එම ප්‍රදේශවලම පදිංචිකරුවන්. 18 හැවිරිදි සහ 25 හැවිරදි තරුණයෙකුයි මෙලෙස මියගියේ. මෝටර් රථයේ පස්දෙනෙකු ගමන්කර ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් තුන් දෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
The post ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගයට වාහන ඇතුළු කළහොත් නීතිමය පියවර appeared first on ITN News.
Post a Comment