Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන  

Add comments

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහා ම සහන සලසන ලෙස අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

විපතට පත්වූවන් මුදා ගැනීමට හා පීඬාවට පත්වූවන්ට සහන සැලසීමට ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් කඩිනම් වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරන ලෙස ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ද දැනුම් දී තිබේ.

දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ ස්ථාන රැසකට මහ වැසි ඇද වැටීමත් සමඟ ස්ථාන රැසක විවිධ ආපදා තත්ත්වයන් උද්ගත වී තිබේ. වැසි ජලයෙන් පහත්බිම් යට වීම, ගංවතුර හා නාය යෑමේ අවදානම ඒ අතර ප්‍රධාන වේ.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ නිසා ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජනතාව දැනුම්වත් කරන ලෙස ද අදාළ නිලධාරින්ට දැනුම් දී ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යවරු වන දිනේෂ් ගුණවර්ධන සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්වරු ද එක්ව සිටියහ.

The post අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාවට කඩිනම් සහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG