Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනපති හමුවෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී මහ කොමසාරිස්වරිය කොරෝනා වසංගතය මර්දනයට රජය ගෙනයන වැඩපිළිවෙළ කෙරෙහි ප්‍රසාදය පළ කළ බවත්, එන්නත්කරණ ක්‍රියාවලියට ලබාදිය හැකි සහාය පිළිබඳව අදහස් පළ කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ගන්නා උත්සහායට බ්‍රිතාන්‍ය රජයේ දායකත්වය ලබාදීම පිළිබඳව ද මහ කොමසාරිස්වරියගේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී 2030 වසර වන විට මෙරට බලශක්ති උත්පාදනයෙන් 80%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට රජය ගෙනයන වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත්, සූර්ය ශක්තිය ගබඩාකරණයට සහ සම්ප්‍රේෂණයට සහාය වීමටත් සාරා හල්ටන් මහත්මිය එකඟතාව පළ කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතයට යොමුවීමෙන් පරිසරය සුරැකීමට ජනාධිපතිතුමා ගත් තීරණය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගේ ඇගයීමට ලක්වුණා.

The post බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය ජනපති හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG