Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානයේ විශාලතම නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වෙයි  

Add comments

ඉරානයේ විශාලතම නාවික නෞකාවක් වන ඛාර්ග් නෞකාව අද ඕමාන් බොක්කහිදී ගින්නක් ඇතිවීමෙන් මුහුදුබත් වී තිබෙනවා.

නමුත් කාර්ය මණ්ඩලය ආරක්ෂිතව බේරා ගත් බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ.

සතුරු කලාපයක සිදුවූ නවතම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් තවමත් මාධ්‍ය වෙත ලබා දී නැහැ.

ඉරානයේ ජැස්ක් වරාය අසල අද අළුයම 2:25 ට පමණ ඉරානයේ වැඩිම ටොන් ගණනක් සහිතවූ නාවික නෞකාවේ ගින්න හටගත් බවයි රාජ්‍ය රූපවාහිනිය සදහන් කළේ.

නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් පැය ගණනාවක් පුරා පැවති බවයි වාර්තා වන්නේ.

 

The post ඉරානයේ විශාලතම නෞකාවක් ගිනිගෙන මුහුදුබත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG