පාකිස්තානයත් කොරෝනා මර්දන එන්නතක් නිෂ්පාදනය කළා.
පාර්ක්වැක් නමැති මෙම එන්නත චීනයේ සහයෝගයෙන් නිෂ්පාදනය කළ බවයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේ. තම ජනතාවට ලබා දීම සදහා මෙම එන්නත දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා. එන්නත නිල වශයෙන් එරට සෞඛ්‍ය අංශ හදුන්වා දී තිබෙනවා. මෙය එක් මාත්‍රාවකින් පමණක් ලබා දිය හැකියි. එන්නත් මාත්‍රා එක්ලක්‍ෂ විසිදහසක් පළමු අදියරේදී නිෂ්පාදනය කර තිබෙනවා. දෙවන අදියරේදී ලක්‍ෂ නවක් නිෂ්පාදනය කිරීම සැලසුමයි.
The post පාකිස්තානයත් කොරෝනා මර්දන එන්නතක් නිපදවයි appeared first on ITN News.
Post a Comment