ජාතික අධ්‍යාපන ආයතනයේ කටයුතු කාර්යක්ෂම කිරීම සදහා ගුරුවරුන් 150ක් අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
නිපුණතාවයෙන් යුතු දරු පරපුරක් රටට දායාද කිරීමේ අරමුණෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කරමින් සිටිනවා. ඒ යටතේ විෂය මාලා මෙන්ම ඉගැන්වීම් ක්‍රමවේදවල වෙනස්කම් සිදු කිරීම සැලසුමයි. යෝජිත ප්‍රතිසංස්කරණ 2, 3, 6, 8 සහ 10 ශ්‍රේණි සදහා 2023 වසරේ දී හදුන්වාදීමට නියමිතයි. 3, 4,5, 7 සහ 11 ශ්‍රේණි සදහා එම ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට නියමිතව ඇත්තේ 2024 වසරේදීයි. එම කටයුතු සදහා ජාතික අධ්‍යාපන ආයතනයේ දැනට සිටින සේවක මණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින් රජයේ පාසල්වල සිටින ගුරුවරුන් 150 දෙනෙකු ඒ සදහා අනුයුක්ත කෙරෙනවා.
The post ජාතික අධ්‍යාපන ආයතනයට ගුරුවරුන් 150ක් අනුයුක්ත කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.
Post a Comment