Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර දුරකතන සම්බන්ධතා යළි ස්ථාපිත කෙරේ  

Add comments

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සන්නිවේදන කටයුතු සදහා පැවති දුරකතන සම්බන්ධතා යළි ස්ථාපිත කිරීමට අද පියවර ගත්තා.

දෙරට අතර පැවති දුරකතන සබදතා පසුගිය වසරේ ජුලි මාසයේ දී අත්හිටුවීමටයි උතුරු කොරියාව කටයුතු කළේ. ඒ අනුව වසරක කාලයකට පසු යළි එම සබදතා ස්ථාපිත කෙරුණා. දෙරට අතර පවත්නා සබදතා ඉහළ නැංවීම මෙහි අරමුණයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් හා උතුරු කොරියා නායක කිම් ජොන් උන් අරත ලිපි රැසක් හුවමාරුවී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සංහිදියාව මේ සමග වර්ධනය වනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළකරනවා.

 

 

 

 

 

 

The post උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර දුරකතන සම්බන්ධතා යළි ස්ථාපිත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG