Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම සඳහා රජය කටයුතු සකස් කරනවා- ඇමති රමේෂ්  

Add comments

ගුරු සේවය, විදුහල්පති සේවය සහ අධ්‍යාපන පරිපාලන සේවය සංවෘත සේවයක් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වැටුප් විෂමතා ඇතිනොවන ආකාරයට ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම සඳහා රජය කටයුතු සකස් කර ඇති බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී ගුරු විදුහල්පති වැටුප් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ අද(27 දින) ගුරු සංගම් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවත්, රජයේ අනෙකුත් සේවකයන්ගේ වැටුප් විෂමතාවක් ඇති නොවන පරිදි වැටුප් තලය වැඩි කිරීමේ යෝජනාවක් ඔවුන්ගෙන් ලබා ගැනීමට නියමිත බවත්ය.

දෙපාර්ශවය එකඟවන යෝජනා වෙතොත් එය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර ලෙස අයවැය යෝජනාවට එය ඇතුලත් කිරීමට නියමිත බවත්, වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ස්ථීර ප්‍රතිපත්තියක් ගෙන ඒමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

එහිදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතහැර නැවත දරුවන්ට ඔන්ලයින් මාර්ගගත අධ්‍යපන ක්‍රමය යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙසයි.

The post ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම සඳහා රජය කටයුතු සකස් කරනවා- ඇමති රමේෂ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG