පසුගිය පැය 24 තුළ දී ඉන්දියාවේ දිල්ලි නගරයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මහාමාර්ග රැසක් ජලයෙන් යටව තිබෙනවා.
පැය 24 ක කාලය තුළදී මිලිමීටර් 100 ඉක්මවූ වැසි දිල්ලි නගරයට ලැබී ඇති බවයි ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කරන්නේ. අද උදෑසන වනවිට ද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ ද වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවිය හැකි බව කාලගුණ අංශ පවසනවා. මහාමාර්ගවල ගමන් ගන්නා බස් රථ තුළට ද ජලය පැමිණෙන අයුරු එරට මාධ්‍ය වාර්තාකර සිටියා. ඒ සමඟම දිල්ලි නගරයේ ප්‍රදේශ කිහිපයක ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමටයි ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.
The post අධික වර්ෂාව හේතුවෙන් දිල්ලි නගරයේ මහාමාර්ග රැසක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.
Post a Comment