ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මාස 16 කට පසු දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වුණා.
අද දිනයේ දී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 172 ක්. කෙසේ වුවද වයිරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට පනවා ඇති වසා දැමීමේ නීති හා එන්නත්කරණයට විරෝධය පළකරන බව සිඩ්නි වැසියන් සදහන් කරනවා.
වයස 60 ට අඩු පුද්ගලයින්ට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබා නොගන්නා ලෙස ඕස්ට්‍රේලියා රජය පෙර දැනුම්දී තිබුණා. එහෙත් තරුණ ප්‍රජාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාගන්නා ලෙස මේ වනවිට දන්වා තිබෙනවා. මෙවැනි පරස්පර විරෝධී උපදෙස් සමග තමන් දැඩි කැළඹීමට පත්ව සිටින බවයි සිඩ්නි වැසියන් පවසන්නේ.
The post මාස 16 කට පසු නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් දෛනික වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment