Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විසල් මාතලේ ජල යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට  

Add comments

දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය හෙට ( 28)  පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ජනතා අයිතියට පත් කෙරෙනවා.

රුපියල් මිලියන 31,000 ක්  වැය කර සම්පූර්ණ කර ඇති මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව ඇති අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා සමස්ථ පවුල් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස ඉක්මවයි.

පිරිසිදු පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි මාතලේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරළය සහ නාවුල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට මෙයින් විශේෂ සහනයක් හිමිවේ.

වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ දී ආරම්භ කරන ලද මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදී නිමාවට පත්කර ඇත.

මෙම සියළු ජල සම්පාදන ව්‍යාපෘතීන් ඉදිකර අවසන් වූ පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩිකිරීමට හැකියාව ලැබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටි.

මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ලග්ගල සහ විල්ගමුව ජල සම්පාදන යෝජනා ක්‍රම දැනට ඉදිවෙමින් පවතින අතර මෙම වසර අවසානයේ දී එම යෝජනා ක්‍රම ද ජනතා අයිතියට පැවරීමට බලාපොරොත්තු වේ.

The post විසල් මාතලේ ජල යෝජනා ක්‍රමය හෙට ජනතා අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG