ඊයේ දිනය තුළදී අලුතින් කොවිඩ් ආසාදිතයන් 1568 දෙනෙකු හමුවුණා.
ඒ අතරින් 1488 දෙනෙකු මෙරටින් හමුවූ ආසාදිතයන් වන අතර 80 දෙනෙකු විදෙස් රටවලින් පැමිණි අයයි.
ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් 1568 දෙනා අතරින් වැඩිම පිරිස හමුවී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 225ක්. කොළඹින් ආසාදිතයින් 154ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 153 ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්.
මෙරටින් හමුවූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තැ හය දහස් එකසිය හයක් වන අතර දෙලක්ෂ හතලිස් හය දහස් දෙසිය හතලිස් එක් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව විසි හය දහස් තුන්සිය හැට තුනක්.
අලුතින් කොරෝනා මරණ 31 ක් ද සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදනයෙන් මිය ගිය සමස්ත ගණන 3533 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,568ක් – වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment