රාජ්‍ය අමාත්‍ය නාලකගොඩහේවා මහත්මා වෙත පනවලා තිබූ විදේශ ගමන් තහනම අගොස්තු මස 31 වනදා තෙක් තාවකාලිකව ඉවත් කරන්නැයි කොළඹ මහාධිකරණය නියම කළා.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම කොමිසමට අයත් රුපියල් මිලියන පහක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේයැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ නාලක ගොඩහේවා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා. තහනම ඉවත්කරමින් ඉවත්කළ නියෝගය පිළිබදව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 31 වනදා යළි ආරම්භ කරන බවද විනිසුරුවරයා සදහන් කළා.
The post නාලක ගොඩහේවාගේ විදේශ ගමන් තහනම අගොස්තු 31 තෙක් ඉවත් කරන්නැයි මහාධිකරණය නියම කරයි appeared first on ITN News.
Post a Comment