නිසි පාලන මිලක් නොමැති වීමත් මහා පරිමාණ නිශ්පාදකයන් නිසාත් දේශීය රන් කර්මාන්තකරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සමස්ථ ලංකා රන්කරුවන්ගේ සංගමය පවසනවා.
රන් කර්මාන්තය ඉතා සියුම් කලාවක්.
රළු දළ ලෝහයකින් ඉතා මටසිළුටු සිත් වශීකල ස්වර්ණාභරණයන් තැනූ ලාංකේය රන්කරුවන් ගැන ලෝක ඉතිහාස පොතේද සදහන් වනවා.
නමුත් පරම්පරා ගණණාවක් තිස්සේ මේ කර්මාන්තයේ නියැලෙන කුඩා කර්මාන්තකරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ මහා පරිමාණයේ කර්මාන්තකරුවන් සිදු කරන ස්වර්ණාභරණ ආනයනයත් සමඟයි.
එමෙන්ම ස්වර්ණාභරණ නිශ්පාදකයන් සහ සාම්ප්‍රධායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රාජ්‍ය බැංකු මගින් සහන පොලියක් යටතේ ණය ලබා දීමට රජය තීරණය කළද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවටත් රන් කර්මාන්තයේ නියැලෙන්නන් චෝදනා කරනවා.
ආර්ථික සාමාජීය සහ දේශපාලනික රටාව තුළ විවිධ හැලහැප්පීම්වලට ලක්වෙමින් පැවත එන මේ රන් කර්මාන්තය වියැකී යන්නට ඉඩ නොදී රැක ගන්නැයි මේ කර්මාන්තයේ නියැලෙන්නන් රජයෙන් ඉල්ලා සිටිනවා.
The post පාලන මිලක් නොමැති වීම නිසා දේශීය රන් කර්මාන්තකරුවන් දැඩි ලෙස පීඩාවට appeared first on ITN News.
Post a Comment