Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,940ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන්  

Add comments

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1,940 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හදුනා ගෙන තිබෙනවා.

වැඩිම ආසාදිතයින් පිරිසක් හදුනා ගැණුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1,940 දෙනා අතරින් 21 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින්. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 596 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් 382 ක් යාපනයෙන් 122 ක් ගාල්ලෙන් 115 ක් අම්පාරෙන් 117 ක් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවී ඇත්තේ ආසාදිතයින් 97 දෙනෙකු පමණයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 301,832 ක්. 25,782 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 271,855 ක්.

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිත මරණ 63 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 4,258 දක්වා ඉහළ ගියා.

 

 

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,940ක් – වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG