අන්තර්ජාලය හරහා මිලදීගෙන 15 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනය ලක්කරපු බවට චෝදනා එල්ලවුණු මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු 4 දෙනෙක් දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරුණා.
අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා 15 හැවිරිදි දැරියක් අලෙවි කළ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් 34 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, නාවික හමුදාවේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු, මැණික් ව්‍යාපාරිකයෙකයෙන් දෙදෙනෙකු මෙන්ම චීවරධාරියෙකු ද වනවා.
මෙම පිරිසෙන් විශේෂඥ වෛද්‍යවරයා සහ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මෙන්ම මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනා ඇප මත මුදා හැරුණා.
එක් සැකකරුවෙකුට රුපියල් 25000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.
පරික්ෂණවලට මැදිහත්වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසට ද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට තරයේ අවවාද කළා.
The post දැරිය අපයෝජන සිද්ධිය : මිහින්තලේ ප්‍රා.සභා උප සභාපති ඇතුළු 4 දෙනෙකුට ඇප appeared first on ITN News.
Post a Comment